ඌව පළාත් සභා උපාධි ගුරු (විවෘත) තරඟ විභාගය 2021 (සිංහල/දෙමළ/ඉංග්‍රීසි)

ඌව පලාතේ ස්ථිර පදිංචි උපාධිධාරින් හට ඉහත තරඟ විභාගයට පෙනී සිටිය හැකි අතර, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2020.12.30 වේ. විභාගය 2021 ජනවාරි මාසයේ බදුල්ල නගරයේදි පැවත්විමට නියමිතය. ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 35 ට නොවැඩි විය යුතුය.

ඌව පළාත් කොඩිය Uva Provincial Flag ஊவா மாகாண சபையின் கொடி

ඌව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්, අ.පො.ස (සා.පෙළ) හා (උසස් පෙළ) විෂයයන් ඉගැන්වීමට පළාත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පඩු සඳහා මෙලෙස බඳවා ගනී. විභාග ගාස්තු ලෙස රු. 900/= කි. ස්ථිර සහ විශ්‍රාම වැ‍ටුප් සහිත 3-1 (අ) ශ්‍රේණිය ගුරුවරයකු ලෙස රු. 32,200/= ක ආරම්භක මාසික වැ‍ටුපකට හිමිකම් ලබයි.

අයදුම්කරුවන් ලිඛිත තරඟ විභාගයකට සහ ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.
ලිඛිත විබාගයේ ප්‍රශ්ණ පත්‍ර 2කි. විභාගය සමත් විමට, එක් එක් ප්‍රශ්ණ පත්‍රයට අවම ලකුණු 40ක් හෝ ඊට වඩා ගත යුතුය.
(1) අභියෝග්‍යතාවය / බුද්ධි පරික්ෂණ පත්‍රය – කාලය පැය 01 යි (ලකුණු 100) – ගුරු වෘත්තිය සඳහා වන කුසලතා, තර්කානුකූල බුද්ධිය පිළිබඳ දැනීම මැන බලන බහුවරන හා කෙටි පිලිතුරු මාදිලියේ ප්‍රස්න 50 කි.
(2) සාමාන්‍ය දැනිම පත්‍රය – කාලය පැය 01 යි (ලකුණු 100 යි) – ගුරු කේෂත්‍රයට අදාළව සාමාන්‍ය දැනුම, දේශිය වශයෙන් සිදුව ඇති හා සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම, අධ්‍යාපන නවීකරණය ගැන සාමාන්ය දැනිම පරික්ෂා කෙරෙන බහුවරණ හා කෙටි පිළිතුරු මාදිලියේ ප්‍රශ්නවලින් සමන්විතය.

Uva Guru Vibaga 2021 Samanya Dhenima ඌව ගුරු විභාග 2020 සාමාන්‍ය දැනීම 1000 පොත (2020.09.01 Update) (Uva Teaching Exam Genaral Knowledge Book) A.R. Amarasinghe
ගුරු විභාග සාමාන්‍ය දැනිම 1000 පොත (Updated 2020.09.01),
Teacher exam general knowledge 1000 Book
ஆசிரியர் தேர்வு பொது அறிவு 1000 புத்தகம்

ලිඛිත විභාගය සමත් වු අයදුම්කරුවන් පමණක් ප්‍රායෝගික පරික්ෂණයකට කැඳවන අතර, ‍තෝරාගත් මාතෘකාවක් යටහේ විනාඩි 5 කට නො අඩු ඉදිරිපත් කිරීමක් කළ යුතුය( උපරිම ලකුණු 25 කි. සමත්විමට අවම ලකුණු 10 ගත යුතුයි.

විභාග අයදුම් පත්‍රය යොමුකළ යුතු ලිපිනය (2020.12.30 හෝ ඊට පෙර):-
ලේකම්, ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
අංක 14/4, පීලිපොතගම පාර, පිංඅරාව, බදුල්ල.

වැඩි විස්තර සහ අයදුම් පත්‍රය බාගැනිමට පහත සබැඳි click කරන්න:-
(Click below links to Download more details & the Application)
A. නිවේදනය හා අයදුම් පත්‍රය බාගැනිමට (pdf)
B. වැඩි විස්තර:-https://www.psc.up.gov.lk/ගුරු-පුරප්පාඩු-සඳහා-උපාධ/

Leave a comment