බස්නාහිර පළාත් සභා උපාධි ගුරු විභාගය 2021 / 2022 (සිංහල/ தமிழ்/ English)

Western Provincial Council Graduate Teacher Open Examination 2021/2022 — மேற்கு மாகாண சபை பட்டதாரி ஆசிரியர் தேர்வு 2021/2022

බස්නාහිර පලාත් සභාවේ රජයේ පාසැල් උපාධි ගුරු විවෘත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත. විෂයයන් 31 ක පුරප්පාඩු සඳහා, සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් ගුරු සේවයේ 3 පන්තිය 1 (අ) ශ්‍රේණියට මෙලෙස බඳවා ගනි. බස්නාහිර පළාතේ ස්ථිර පදිංචි, අවු. 18 නොඅඩු සහ අවු. 40 නොවැඩි, උපාධිධාරින්ට මීට ඉල්ලුම් කළ හැක.

බස්නාහිර පළාත් සභා කොඩිය Western Provincial Council Flag மேற்கு மாகாண சபை கொடி

අයදුම්කරුවන් ලිඛිත තරඟ විභාගයකට සහ ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.
( ඔබේ අවධානයට:- සිය පත්විම ලැබිමට නියමිත භාෂා මාධ්‍යයෙන් ම, විභාගය ලිවිය යුතුය.)

ලිඛිත විබාගයේ ප්‍රශ්ණ පත්‍ර 2කි. විභාගය සමත් විමට, එක් එක් ප්‍රශ්ණ පත්‍රයට අවම ලකුණු 40ක් ගත යුතුය.
(1) අභියෝග්‍යතාවය / බුද්ධි පරික්ෂණ පත්‍රය:- කාලය පැය 01 යි (ලකුණු 100) – ගුරු වෘත්තිය සඳහා වන කුසලතා, තර්කානුකූල බුද්ධිය පිළිබඳ දැනීම මැන බලන බහුවරන හා කෙටි පිලිතුරු මාදිලියේ ප්‍රස්න 50 කි.
(2) සාමාන්‍ය දැනිම පත්‍රය:- කාලය පැය 01 යි (ලකුණු 100 යි) – ගුරු කේෂත්‍රයට අදාළව සාමාන්‍ය දැනුම, දේශිය වශයෙන් සිදුව ඇති හා සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම, අධ්‍යාපන නවීකරණය ගැන සාමාන්ය දැනිම පරික්ෂා කෙරෙන බහුවරණ හා කෙටි පිළිතුරු මාදිලියේ ප්‍රශ්නවලින් සමන්විතය.

Teaching Exam General Knowledge 1000 Book
[ “ගුරු විභාග සාමාන්‍ය දැනිම 1000” පොත, බස්නාහිර පළාත් උපාධි ගුරු විභාගය 2021 / 2022 සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය සඳහා ඇති විශිෂ්ටතම ග්‍රන්ථයයි. 2020.09.01 (සැප්තැම්බර් 01) දින දක්වා නවතම කරුණු ඇතුළත්ය. FREE! කරුණු 100 ක් ඇතුළත් පොතෙහි සාම්පලයක් සහ ගුරු විභාග ආදර්ශ ප්‍රශ්න පත්‍රය (පිළිතුරු සහිත) නොමිලේ ලබාගැනිම සඳහා CKICK කරන්න! ]

විභාග ගාස්තු ලෙස රු. 600/=, බස්නාහිර පළාත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකට ගෙවා කුවිතාන්සියක් ලබාගත යුතුයි. අන්තර්ජාලයෙන් මාර්ගගත ක්‍රමයට (Online Application) අයදුම් කළ හැකි අවසන් දිනය 2021 මැයි 10 වේ. අත්සන සහතික කළ මුද්‍රිත අයදුම්පත 2021.05.17 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපැලෙන් යොමු කළ යුතුයි. ලිපිනය :-
ලේකම්, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
අංක 628, 10 වන මහළ, ජනජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය.

Link 1:බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අඩවියේ උපාධි ගුරු විභාග 2021 දැන්වීම (“psc.wp.gov.lk” web notice)
————————————————–
Link 2:- බස්නාහිර පළාත් සභා උපාධි ගුරු විභාග 2021 විස්තර පත්‍රිකාව සහ ආදර්ශ අයදුම්පත (සිංහල / English / தமிழ் ) [Instruction Leaflet and Specimen Application / வழிமுறை துண்டுப்பிரசுரம் மற்றும் மாதிரி பயன்பாடு ]
————————————————–
Link 3:- බස්නාහිර පළාත් සභා උපාධි ගුරු විභාග 2021 මාර්ගගත අයදුම්පත්‍රය (සිංහල/ தமிழ் / English) [Online Application / ஆன்லைன் விண்ணப்பம் ]
————————————————–
[සැලකිය යුතුයි:- ඉල්ලුම්පත පිරවිමට පෙර විභාග ගාස්තු ගෙවා කුවිතාන්සිය ලබාගෙන තිබිය යුතුය. අයදුම්පත්‍රය පිරවිමෙන් පසු, මුද්‍රිත පිටපතක් ලබාගෙන, අත්සන සහතික කරවා ගෙන, ලියාපදිංචි තැපැල් කළ යුතුයි.]



Leave a comment