උතුරුමැද පළාත් සභා උපාධි / ඩිප්ලෝමා ගුරු විභාගය 2021 (සිංහල/ தமிழ்/ English)

North Central Province Graduates & Diplomates Exam 2021

උතුරුමැද පලාත් සභාවේ රජයේ පාසැල්වල පවත්නා ගුරු පුරප්පාඩු 1381 සඳහා උපාධි සහ ඩිප්ලෝමාධාරින් ( HND / SLIATE) වෙතින් අයදුම්පත් කැඳවා ඇත. උතුරුමැද පළාතේ අවුරුදු 3කට නො අඩු කාලයක් ස්ථිර පදිංචි, අවුරුදු 35 ට නොවැඩි, උපාධිධාරින් හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින්ට මෙම විවෘත තරඟ විභාගය සඳහා අයදුම් කළ හැක.

උතුරුමැද පළාත් සභා කොඩිය வட மத்திய மாகாண சபை கொடி North Central Provincial Flag

සිංහල, දෙමල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් විභාගය පැවත්වෙන අතර තමා විභාගයට පෙනීසිටින මධ්‍යයෙන්ම අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුතුය.

අයදුම්කරුවන් ලිඛිත තරඟ විභාගයකට සහ ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.

ලිඛිත විබාගයේ ප්‍රශ්ණ පත්‍ර 2කි. විභාගය සමත් විමට, එක් එක් ප්‍රශ්ණ පත්‍රයට අවම ලකුණු 40ක් ගත යුතුය.

(1) අභියෝග්‍යතාවය / බුද්ධි පරික්ෂණ පත්‍රය:- 
කාලය පැය 01 යි (ලකුණු 100) – ගුරු වෘත්තිය සඳහා වන කුසලතා, තර්කානුකූල බුද්ධිය පිළිබඳ දැනීම මැන බලන බහුවරන හා කෙටි පිලිතුරු මාදිලියේ ප්‍රස්න 50 කි.
(2) සාමාන්‍ය දැනිම පත්‍රය:- 
කාලය පැය 01 යි (ලකුණු 100 යි) – ගුරු කේෂත්‍රයට අදාළව සාමාන්‍ය දැනුම, දේශිය වශයෙන් සිදුව ඇති හා සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම, අධ්‍යාපන නවීකරණය ගැන සාමාන්ය දැනිම පරික්ෂා කෙරෙන බහුවරණ හා කෙටි පිළිතුරු මාදිලියේ ප්‍රශ්නවලින් සමන්විතය.

Teaching Exam General Knowledge 1000 Book - ගුරු විභාග සාමාන්‍ය දැනිම 1000 පොත
ගුරු විභාග සාමාන්‍ය දැනිම 1000 පොත – 2020 September 01 updated

විභාග ගස්තු ගෙවු කුවිතාන්සිය සහිතව සම්පුර්ණ කළ අයදුම්පත්‍රය 2021.08.31 දිනට හෝ ඊට පෙර ලැබන සේ, ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය, අනුරාධපුර යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් යැවිය යුතුය.

වැඩි විස්තර සඳහා සබැඳි:- දිනමිණ පුවත්පත (2021 ජුලි 19 සදුදා)
17 පි‍ටුව, 18 පි‍ටුව, 19 පි‍ටුව

Links for Further Details:- Daily News Paper (2021 July 19th Monday)
27th Page, 28th Page, 29th Page

Leave a comment