දකුණු පළාත් ඉංග්‍රීසි ඩිප්ලෝමා (HNDE) ගුරු විභාගයට අයදුම්පත් භාරගැනිම දීර්ඝ කෙරේ.

(Acceptance of applications for Southern Province English Diploma Teacher Examination will be extended till 12.10.2020.)
(தெற்கு மாகாண ஆங்கில டிப்ளோமா ஆசிரியர் தேர்வுக்கான விண்ணப்பங்களை ஏற்றுக்கொள்வது 12.10.2020 வரை நீட்டிக்கப்படும்.)
දකුණු පළාත් සභාවේ සිංහල / දෙමළ මාධ්‍ය පාසල්වල පවත්නා ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා, “උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින්” (HND in English) බදවා ගැනිම සදහා අයදුම් පත්‍ර යොමු කිරිමේ කාලසීමාව 2020.10.12 දින දක්වා දීර්ඝ කර ඇත.

දකුණු පළාත් සභාවේ ග්‍රාමිය පාසල්වල ගුරු පුරප්පාඩු 300ක් සඳහා මේ යටතේ ගුරුවරු බඳවා ගැනේ. මෙම පත්වීම ස්ථිරය, විශ්‍රාම වැ‍ටුප් සහිතය. ආරම්භක මාසික වැ‍ටුප රු. 29,540/= කි (ශ්‍රි ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (ඇ) ශ්‍රේණිය).

පුර්වාසන්න වසර 1 ක දකුණු පළාතේ ස්ථිර පදිංචිව සිටින, වයස අවුරුදු 35 ට නොවැඩි, ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SIATE – Sri Lanka Institutes Of Advance Technological Education), “ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා”(Higher National Diploma in English) ලබාගත් අයට මෙම විභාගයට අයදුම් කළ හැක.

අපේක්ෂකයින් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගාල්ලේදි පවත්වනු ලබන ලිඛිත විභාගයකට (අභියෝග්‍යතා පරික්ෂණය – පැය 1 යි. සමාන්‍ය දැනිම – පැය 1) පෙනි සිටිය යුතුයි. ඉන් සමත් වන්නන් ප්‍රායෝගික පරික්ෂණයකට යොමු කෙරේ.
Teacher exam general knowledge 1000 (SET TriLingual) Book (Written in 3 Languages! Sinhala-Tamil-English Updated 2020.09.01) – Download Free Sample Pages – CLICK HERE

අයදුම් පත්‍ර සහ වැඩි විස්තර, දකුණු පළාත්සභා වෙබ් අඩවියේ දක්වා ඇත. http://www.edumin.sp.gov.lk/

(1)  අයදුම්පත් කැඳවීම 2020.09.28 දින සිට 2020.10.12 දින දක්වා දීර්ඝ කරන ලදි
(2)A:  සිංහල මාධ්‍යය විභාග විස්තර නිවේදනය Sinhala Exam Anouncement
B: සිංහල මාධ්‍යය Sinhala Application

(3)A: தெற்கு மாகாண சபை ஆங்கில டிப்ளோமா ஆசிரியர் தேர்வு 2020 தமிழ் மொழி அறிவிப்பு
B: தெற்கு மாகாண சபை ஆங்கில டிப்ளோமா ஆசிரியர் தேர்வு 2020 தமிழ் மொழி விண்ணப்பம்

(4)A: Southern Provincial Council English Diploma (HNDE) Teacher Examination 2020 English Language Exam Addverticement
B: Southern Provincial Council English Diploma (HND in English) Teacher Examination 2020 English Language Application

Leave a comment