කාලීන සාමාන්‍ය දැනුම General Knowledge 06

General Knowledge law entrance & Open University LLB Sri lanka

01. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු කව්ද? – දීපක් මිශ්රා

02. ඉන්දියානු ශ්‍රේෂ්ටාධිකරණය විසින් මෑතදි (2018 සැප්තම්බර්) සමලිංගික අයිතිවාසිකම් පිළිගනිමින් “නිර් අපරාධකරණයට” (Decriminalised) ලක් කළ නිති වගන්තිය කුමක්ද? – ඉන්දීය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 377 වගන්තිය (Section 377 of the indian penal code)

03. ඉන්දියනු ශ්‍රේෂ්ඨාධිකරනය විසින්, මෑතකදි මුහුම්මද් නබිනායකතුමාගේ බිරිඳ ගැන පූජනීය ගීතයක් යොදා සැකසු චිත්‍රපටි ගීතයක් ඉවත් කිරිමට මුස්ලිම් සංවිධානයක් පැවැරු නඩුවක් ප්‍රතිෂේප කරන ලදි. එම මලයාලම් චිත්‍රපටිය කුමක්ද? – ඔරු අදාර් ලවු (Oru Adaar Love)

04. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා – H.M. අබේරත්න මහතා

05. 2018 සැප්තැම්බර් පැවැති මාලදිවයින් ජනපතිවරණයෙන් ජයගත්තේ – ඊබ්‍රහිම් මොහොමඩ්

06. ලොව උසින් වැඩිම හා දිගම වීදුරු පාලම – චීනයේ චන්ජියාජෙ ග්‍රෑන්ඩ් කැනියන් වීදුරු පාලමය (Zhangjiajie Grand Canyon Glass Bridge).
මුහුදු මට්ටමෙන් 800 m උසින් පිහිටි මෙය අඩි 1400 ට වඩා දිගය.

07. ඕස්ට්‍රේලියානු නව අග්‍රාමාත්‍යවරයා (2018) – ස්කොට් මොරිසන්

08. 18 වන ආසියාතික ක්‍රීඩා උළෙල මෙවර පැවැතියේ (2018 අගෝස්තු 18 -සැප්තැම්බර් 02) – ඉන්දුනීසියාවේ ජකර්තා හා පලෙම්බැන් නගරවලය.
මෙවර තේමාව වුයේ “ආසියාවේ ශක්තිය” යන්නයි.
චීනය, ජපානය හා දකුණු කොරියාව පිළිවෙලින් ප්‍රථම ස්ථාන 3 දිනා ගත්හ.

09. 2019 අයි.සී.සි. ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙනුයේ – එංගලන්තයේ සහ වේල්සයේය.

10. 2018 වසරේ සැප්තැම්බර් සිංගප්පුරුවේ පැවැතී 11 වන ආසියාතික නෙට්බෝල් තරඟාවලියේ – ශුරතාවය ශ්‍රිලංකාව, දක්ෂතම ක්‍රීඩිකාව තර්ජනී ශිවලිංගම්ය.

Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close