උසස් තරඟ විභාග, පොදු පරීක්ෂණ සඳහා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පෙළ…

සාමාන්‍ය දැනීම General Knowledge01. 2017 එංගලන්තයේ ඕවල් පිටියේ පැවැති ශූරයන්ගේ ක්‍රිකට් කුසලානය ඉන්දියාව පරදා පකිස්තානය විසින් ජයග්‍රහණය කළේය. එම තරඟාවලියේ වීරයා කව්ද?
1.ශිඛර් ධවන්  2.මොහොමඩ් අමීර්  3.හසන් අලී  4.ෆඛර් ශාමන්  5.අදිල් රසීඩ්

02. 2020 දි ග්‍රීස්ම ඔලිම්පික් තරග පවත්වනු ලබන්නේ කොහේද?
1.ඕස්ට්‍රේලියාව – සිඩ්නි  2.ජර්මනිය – බර්ලින්  3.ජපානය, ටෝකියෝ  4.දකුණු අප්‍රිකාව – ජොහැන්ස්බර්ග්  5.රුසියාව – මොස්කව්

03. 2018 ලෝක පාපන්දු ශුරතාව පවත්වනු ලබන්නේ කොහේද?
1.ජර්මනිය  2.ආර්ජන්ටිනාව  3.එංගලන්තය  4.රුසියාව  5.ඇමෙරිකාව

04. 2022 ලෝක පාපන්දු ශුරතාව පවත්වනු ලබන්නේ කොහේද?
1.ජර්මනිය  2.උරුගුවේ  3.දකුණු අප්‍රිකාව  4.කටාරය  5.ඩෙන්මාර්කය

05. 2017 එංගලන්තයේ හා වේල්සයේ පැවැති අයි.සි.සී. කාන්ත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හා අනුශූරතාව දිනාගත් රටවල් මොනවාද?
1.ඕස්ට්‍රේලියාව – එංගලන්තය  2.දකුණු අප්‍රිකාව – අයර්ලන්තය  3.එංගලන්තය – ඉන්දියාව  4.ඕස්ට්‍රේලියාව – ඉන්දියාව  5.නවසීලන්තය – බටහිර ඉන්දීය කොදෙව්

06. 2017 ලන්ඩන්හි පැවැති 16 වන ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේදි ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පරදා මිටර් 100 රන් පදක්කම දිනු ඇමෙරිකානු ක්‍රීඩකයා කව්ද?
1.ක්‍රිස්ටියන් කෝල්මන්  2.ජෙරම් රිචර්ඩ්ස්  3.ස්ටීවන් ගාර්ඩ්නර්  4.ජස්ටින් ගැට්ලින්  5.රමිල් ගුලියේව්

07. 2017 ලන්ඩන්හි පැවැති 16 වන ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේදි ඇමෙරිකාව ශුරතාව දිනාගත් අතර අනුශූරතාව දිනාගත් රට කුමක්ද?
1.මහා බ්‍රිතාන්‍ය  2.ප්‍රංශය  3.චීනය  4.දකුණු අප්‍රිකාව  5.කෙන්යාව

08. ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව 10 වරක් දිනු ක්‍රීඩකයා කව්ද?
1.රොජර් ෆෙඩරර්  2. ඇන්ඩි මුරේ  3.නෝවැක් ඩිජොකොවික්  4.රෆායේල් නඩාල්  5.ඇලෙක්සැඩර් සිවරෙව්

09. ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කෙටි දුර ධාවකයා ලෙස විරුදාවලි ලත් ජැමෙයිකාවේ උසේන් බෝල්ට් දිනා ඇති ඔලිම්පික් රන් පදක්කම් ගණන කීයද?
1.6   2.7   3.8   4.9   5.10

10. 2017 දි ඉන්දියාවේ බුබනේස්වර්හි පැවැති 22 වන ආසියාතික මළල ක්‍රිඩා උළෙලෙදි මීටර් 800 ඉසව්වෙ රන් පදක්කම දිනු ශ්‍රි ලාංකික ක්‍රීඩිකාව කව්ද?
1.ගයන්තිකා අබේරත්න  2.රුමේෂිකා රත්නායක  3.නිමාලි ලියනාරච්චි  4.දිල්හානි ලේකම්ගේ  5.චමරි අතපත්තු

 

11. 2017 වසරේදි ශ්‍රී ලංකා පුරවැසියෙකුට පිදෙන ඉහළම ගෞරවනාමය වන ශ්‍රි ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලද අග්‍රගණ්‍ය හිටපු කලාකරුවා කව්ද?
1.ලෙස්ටර් ජේම්ස් පීරිස්  2.ඩබ්ලිව්. ඩී. අමරදේව  3.එදිරිවීර සරත්චන්ද්‍ර  4.කේමසිරි ප්‍රේමදාස  5.ජයසිරි සේමගේ

12. සාර්ස් (SARS) වයිරසය හඳුනා ගැනිමට මුල් වු ශ්‍රිලාංකික විද්‍යාඥයා කව්ද?
1.ජයන්ත ධනපාල   2.සරත් ගුණපාල   3.චන්දිම ගෝමස්   4.මලික් පීරිස්   5.මොහාන් මුණසිංහ

13. ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?
1.බුකර් සම්මානය   2.රණමයුර සම්මානය   3.රේමන් මැග්සෙසේ සම්මානය   4.සාක් සම්මානය   5.තාගෝර් සම්මානය

14. ඊඩිස් ඊජිප්ටි මදුරු විශේෂය මඟින් ප්‍රචාරණය නොවන රෝගය කුමක්ද?
1.චිකන්ගුන්යා  2.ඩෙංගු  3.මැලේරියා  4.සිකා  5.කහ උණ

15. පහත ගෙවතු ශාක අතුරින් මදුරු විකර්ශක ශාකයක් නොවන්නේ කුමක්ද?
1.කුප්පමේනියා  2.දාස්පෙතියා  3.සේර  4.පිච්ච  5.මදුරුතලා

16. ශ්‍රිලංකාවෙන් තුරන් කර ඇති රෝගයක් නොවන්නේ මින් කුමක්ද?
1.බරවා  2.මැලේරියා  3.ලාදුරු  4.වසූරිය  5.පෝලියෝ

17. පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි නොවන්නේ කුමක්ද?
1.දුම්බීම පිළිකා වැළදීමට බලපාන තනි ප්‍රධානතම හේතුවයි.
2.දුම්වැටිවල අඩංගු නිකොටින් ප්‍රබල ඇබ්බැහිකාරකයකි.
3.දුම්පානය ආඝාත ඇතිවිමේ අවදානම කිහිපගුණයකින් ඉහළ දමයි.
4.දුම්පානය හදවත් රෝග ඇතිවිමේ අවදානම කිහිපගුණයකින් ඉහළ දමයි.
5.දුම්පානය වකුගඩු රෝග ඇතිවිමේ අවදානම විශාල ලෙස වැඩි කරයි.

18. 2017 වසරේ කුණු කඳු නායයාමෙන් ජීවිත හානි සිඳු වු දේශිය හා විදේශිය ස්ථාන මොනවාද?
1.මීතොටමුල්ල – මැනිලා   2.මීතොටමුල්ල – මුම්බායි   3.මීතොටමුල්ල – අඩිස් අබාබා   4.කරදියාන – නම්පෝ   5.කරදියාන – ක‍ටුම්

19. 2017 ජුලි මස පකිස්ථාන අගමැති නවාස් ෂරිෆ් එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත ධුරයෙන් සමුගත්තේය. එම උසාවි තින්දුවට සම්බන්ධ වු ලේඛන මොනවාද?
1.එඩ්වඩ් ස්නොව්ඩන් හා ජාතික ආරක්ෂක ලේඛන
2.ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය හා දූෂණ වංචා වාර්තාව
3.ජුලියන් අසාන්ජේ හා විකිලීක්ස් වාර්තා
4.මොසැක් ෆොන්සේකා සමාගම හා පැනමා ලේඛන
5.එක්සත් ජාතින්ගේ සංවිධානය හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වාර්තාව

20. යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය 2016 වසරේ ශ්‍රිලංකාවට පැමිණියාය. යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ කොහේද?
1.නිව්යොර්ක්   2.පැරිස්   3.ජිනිවා   4.වොෂින්ටන්   5.ලන්ඩන්

 

21. 2017 වසරේ තේරිපත් වු බ්‍රිතාන්‍ය අගමැති හා ප්‍රංශ ජනාධිපති නිවැරදිව සඳහන් පිළිතුර ‍තෝරන්න.
1. ඩේවිඩ් කැමරොන් – ප්‍රාන්සිස් හොලන්ඩේ
2. තෙරේසා මේ – එම්මානුවෙල් මැක්‍රෝන්
3. ගොර්ඩ්න් බ්‍රවුන් – එඩ්වර්ඩ් පිලිපේ
4. එඩ්වර්ඩ් මිලිබෑන් – මැරින් ලි පෙන්
5. ජෙරමි කෝබින් – බර්නාඩ් වොල්ස්

22. 2017 මැයි මස රටවල් 150ක පමණ පරිගණකවල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට බලපෑ ‍රැන්සම්වෙයාර් පරිගණක වයිරසයේ නම කුමක්ද?
1.කිල් ස්විච් 2.වොන්න ක්‍රයි 3.මෙලිස්සා 4.අයිලව්යු 5.මයිඩූම්

23. 2017 මැයි මස මෙරට ඇති වු ඟංවතුර තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක් නොවු දිස්ත්‍රික්කය ‍තෝරන්න.
1.මාතර  2.කළුතර  3.ගාල්ල   4.රත්නපුර  5.මාතලේ

24. 2017 සැප්තැම්බර් 01 සිට ශ්‍රිලංකාවේ තහනම් කර ඇති පොලිතින් වර්ගය කුමක්ද?
1.මයික්‍රෝන 200ට අඩු   2.මයික්‍රෝන 20ට අඩු   3.මිලිමීටර 1ට අඩු   4.මයික්‍රොන 50ට අඩු   5.මිලිමිටර 0.2ට අඩු

25. 2017 ජුනි මස කටාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හළ රටක් නොවන්නේ කුමක්ද?
1.සවුදි අරාබිය  2.ඉරානය  3.බහරේන්   4.ඊජිප්තුව   5.ලිබියාව

26. ලොව වැඩිම ඒකපුද්ගල ආදායම ඇති රට කුමක්ද?
1.ඇමෙරිකාව   2.චීනය   3.බ්‍රිතාන්‍ය   4.ජපානය   5.කටාරය

27. ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් රාජ්‍ය ලේකම් කව්ද?
1.ජේම්ස් මැටිස්   2.හෙන්රි කිසින්ගර්   3.පෝල් රයන්   4.රෙක්ස් ටිලර්සන්   5.මයික් පෙන්ස්

28. 2017 මැයි මස ශ්‍රිලංකාවේ පැවැති එක්සත් ජාතින්ගේ 14 වන වෙසක් දින උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වුයේ කව්ද?
1.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා නේපාල ජනපති බිද්‍යා දේවි බන්දාරි
2.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා පකිස්ථාන අගමැති සහිඩ් ඛාන් අබ්බාසි
3.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා භූතාන අගමැති ට්ෂෙරින්ග් ටොබ්ගේ
4.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා මාලදිවයින් ජනපති අබ්දුල්ලා යාමින්
5.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හා බංගලාදේශ අගමැති ෂෙයික් හසීනා

29. 2017 පෙබරවාරි 03 දින බලාත්මක වු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත අනුව පොදු අධිකාරයකින් (රාජ්‍ය ආයතනයකින්) පුරවැසියකු තොරතුරු ඉල්ලා සිටි විට දින කීයක් තුළ එම තොරතුරු ලබාදිය යුතුද?
1.දින 3  2.දින 7   3.දින 14   4.දින 21   5.දින 30

30. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් වේ. ශ්‍රි ලංකාවේ රාජ්‍ය භාෂා/භාෂාව පහත පිළිතුරු අතරින් ‍තෝරන්න.
1.සිංහල  2.දෙමළ  3.ඉංග්‍රීසි  4.සිංහල හා දෙමළ   5.සිංහල හා ඉංග්‍රීසි

 

31. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත මගින් අපේක්ෂිත ප්‍රධානතම අරමුණ කුමක්ද?
1.මැතිවරණවල මනාප පොරය අවසන් කිරීම
2.පළාත්පාලන මැතිවරණ බලප්‍රදේශ නිර්ණය කිරීම.
3.පළාත්සභාවල මැතිවරණ එකම දිනක පැවැත්වීම.
4.ජනාධිපති ධුර කාලය සීමා කිරීම.
5.පළාත්සභා නිල කාලය වසර 6ක් දක්වා දීර්ඝ කිරීම.

32. ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයා හා නීතිපතිවරයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර ‍තෝරන්න.
1.සරත් ආබෘ – ‍රැල්ෆ් පීරිස්
2.කේ. ශ්‍රීපවන් – ඈෂ්ලි ද සිල්වා
3.මොහාන් පීරිස් – ඊවා වනසුන්දර
4.ප්‍රියසාත් ඩෙප් – ජයන්ත ජයසුරිය
5.පි.ආර්. වල්ගම – එම්.ඩි. නවාස්

33. හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.1 වටිනාකමකට චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමාගමට බදු දුන්නේ අවුරුදු කීයකටද?
1.25   2.30   3.49   4.75   5.99

34. ශ්‍රි ලංකාවේ වත්මන් විගණකාධිපති කව්ද?
1.සරත් මායාදුන්නේ   2.ගාමිණි විජේසිංහ   3.ඉන්ද්‍රජිත් කුමාරස්වාමි   4.අර්ජුන් මහේන්ද්‍රන්  5.ආර්.එස්. සමරතුංග

35. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ පරිගණක සාක්ෂරතාව කීයද?
1.13%   2.22%   3.27%   4.34%   5.41%

36. 2016 මහබැංකු වාර්තාව අනුව ශ්‍රිලංකාවේ වත්මන් ජනගහනය කීයද?
1.20,966,000   2.19,745,000   3.21,203,000   4.23,106,000    5.22,426,000

 

පිළිතුරු:-
(01)3    (02)3   (03)4   (04)4    (05)3
(06)4   (07)5   (08)4   (09)3    (10)3
(11)2    (12)4    (13)3    (14)3     (15)4
(16)3    (17)5    (18)3    (19)4    (20)2
(21)2    (22)2   (23)5    (24)2    (25)2
(26)5   (27)4   (28)1    (29)3    (30)4
(31)3    (32)4   (33)5    (34)2    (35)3
(36)3

 

Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close