පොදු සාමන්‍ය දැනීම – 01

  1. General Knowledge1986 ප්‍රථමවරට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැති රට – ග්‍රීසිය
  2. සුප්‍රකට මොනාලිසා චිත්‍රයේ නිර්මාණකරු – ලියනාර්ඩෝ ඩාවින්චි
  3. පරිණාමවාදයේ පියා – චාර්ල්ස් ඩාවින්
  4. ප්‍රථම පාප් වහන්සේ – ශාන්ත පීතර තුමා
  5. මානව අයිතිවාසිකම් පිළිබඳව වැදගත් වන මැග්නා කාර්ටා ගිවිසුම අත්සන් කළ වසර – 1215
  6. තේ පර්යේෂණායතනය පිහිටා ඇත්තේ – තලවකැලේ
  7. ශ්‍රි ලංකාවේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය – ඇඩ්ලින් මොලමුරේ ආර්යාව
  8. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කළ දිනය – 1945 ඔක්තෝබර් 24
  9. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන (2017) සාමාජික රටවල් ගණන – 193
  10. ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නාලිකාව – ස්වාධීන රූපවාහිනය
  11. ශ්‍රී ලංකාවේ අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියකුටම ඡන්දය භාවිතා කිරීමට ප්‍රථමවරට අවස්ථාව ලැබුණේ – 1965 මහමැතිවරණයේදි
  12. මනමේ නාට්‍යයට පාදක වී ඇති බෞද්ධ ජාතක කතාව – චුල්ල ධනුද්දර ජාතකය
  13. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන (2017) මහලේකම් – අන්තෝනියෝ ගුටරේස්
  14. ජපානයේ සම්ප්‍රදායික නාට්‍ය කලාවන් දෙවර්ගය – කබුකි නාට්‍ය හා නෝ නාට්‍ය
  15. ජපානයේ කෙටි කාව්‍ය සම්ප්‍රදාය – හයිකු කවි
  16. 1 වන කාශ්‍යප රජු සීගිරිය ඉදිකළ සියවස – ක්‍රි.ව. 5 වන සියවස
  17. බෘස් ලී විසින් හඳුන්වා දුන් සටන් ක්‍රමය – ජිට් ක්වාන් ඩෝ
  18. ශ්‍රි ලංකාවේ ප්‍රථම රාජ්‍ය දෙපාර්තමේන්තුව – මිනින්දෝරු දෙපාර්තමේන්ත්තුව (1800)
  19. ශ්‍රි ලංකාවේ ඇමති ධුරයක් ලද ප්‍රථම කාන්තාව – විමලා විජේවර්ධන මැතිනිය
  20. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය – බුද
  21. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය – බ්‍රහස්පති
  22. සූර්ය ඒකකයක දුර – කිලෝමීටර් මිලියන 150
  23. 1975 ප්‍රථම ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ රට – බටහිර ඉන්දීය කොදෙව්
  24. 1930 ප්‍රථම ලෝක පාපන්දු කුසලානය (‍ෆිෆා) ජයග්‍රහණය කළ රට – උරුගුවේ
  25. ශ්‍රී ලාංකික්යෙකුට පිදෙන ඉහළම ගෞරව නාමය – ශ්‍රි ලංකාභිමාන්‍ය
  26. ශ්‍රි ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය – අනුරාධපුරය
  27. ශ්‍රි ලංකාවේ ප්‍රථම රූපවාහිනි ටෙලිනාට්‍ය මාලාව – දිමුතුමුතු
  28. ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා – ෆෙඩ්‍රික් නෝර්ත්
  29. මෙරට උසම ස්ථානයක පිහිටා ඇති දුම්රිය ස්ථානය – පට්ටිපොළ
  30. පුරාණයේ ගෝකණ්ණ ලෙස හැඳින්වු නගරය – ත්‍රිකුණාමලය
  31. 1913 ගීතාංජලී කෘතියට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනා ගත්තේ – රබීන්ද්‍රනාත් තාගෝර්
  32. මැරතන් තරඟයක දුර ප්‍රමාණය – කිලෝමිටර් 42
  33. ඇමෙරිකානු ජාතික කොඩියේ තරු ගණන – 50
  34. මාලදිවයින් ජාතික ගියේ තනු නිර්මාණය කළ ලාංකීය සංගීතඥයා – ඩබ්ලිව්. ඩී. අමරදේව
  35. ශ්‍රි ලංකාවේ ප්‍රථම මහබැංකු අධිපති – ජෝන් එක්ස්ටර්
  36. ශ්‍රි ලංකාවේ වත්මන් (2017) මහබැංකු අධිපති – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
  37. දුරකථනය නිමැවුම්කරු – ඇලෙක්සැන්ඩර් ග්‍රහැම් බෙල්
  38. ජංගම දුරකථනය නිමැවුම්කරු – මාර්ටින් කූපර්
  39. වායුසමීකරණය නිමැවුම්කරු – විලිස් කැරියර්
  40. ලෝක ව්‍යාප්ත වෙබ් (www) නිමැවුම්කරු – ටිම් බර්නර්ස් ලී
  41. සිවිලිං විදුලි පංකාවේ නිමැවුම්කරු – පිලිප් ඩීඑල්
  42. රූපවාහිනිය නිමැවුම්කරු – ජෝන් ලොගි බෙයාර්ඩ්
  43. ගුවන්විදුලිය නිමැවුම්කරු – ගුග්ලීඑල්මො මාර්කෝනි
  44. ඩී.එන්.ඒ. අණුවේ ව්‍යුහය සොයාගත්තේ – ෆ්‍රැන්සිස් ක්‍රික්, ජේම්ස් වොට්සන්, රොසලින්ඩ් ෆ්‍රැන්ක්ලින්
  45. පෙනිසිලීන් සොයා ගත්තේ – ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්
  46. ගණක යන්ත්‍රය නිමැවුම්කරු – බ්ලේස් පැස්කල්
  47. ජාන විද්‍යාවේ පියා – ග්‍රෙගර් මෙන්ඩෙල්
  48. එක්ස් කිරණ සොයාගත්තේ – විල්හෙල්ම් රොන්ජන්
  49. වාෂ්ප එන්ජිම නිමැවුම්කරු – ජේම්ස් වොට්
  50. ගොබි කාන්තාරය පිහිටියේ – මොංගෝලියාවේ
  51. ආසියාවේ පිහිටි දිගම ගඟ – යැංසි (චීනය)
  52. ලොව වැඩිම ජනගහනයක් සිටින නගරය – ටෝකියෝ (ජපානය)
  53. සාක් සංවිධානයේ සාමාජික රටවල් ගණන – 8
  54. ලොව උසම ගොඩනැඟිල්ල – බර්ජ් කලීෆා (ඩුබායි)
  55. ලොව විශාලතම භූමි ප්‍රමාණයක් ඇති රට – රුසියාව
  56. ලොව විශාලතම මහද්වීපය – ආසියා මහද්වීපය
  57. ලොව විශාලතම සාගරය – පැසි‍ෆික් සාගරය
  58. බ්‍රහස්පති ග්‍රහයාට අයත් චන්ද්‍රිකා ගණන – 66
  59. අභ්‍යවකාශයට ගිය මුල්ම මිනිසා – යුරි ගගාරින් 1961
  60. ශ්‍රි ලංකාවේ ජාතික ක්‍රීඩාව – අත්පන්දු
Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close