ගුරු විභාග සාමාන්‍ය දැනීම Teaching Exam GK 08

Teaching Exam Paper Sri Lanka

Download 100 Teaching Educaion Facts + Modelpaper CLICK HERE

  1. ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරමින්, ඉංග්‍රීසි මාධ්‍යය පාසල් ඇතිකළේ කුමන ප්‍රතිසංස්කරණ   යටතේද? 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
  2. ‘නෝමල් පාසල්’ ඇරඹිමේ අරමුණ – ගුරුවරුන් පුහුණු කිරීම
  3. බ්‍රිතාන්‍ය සමයේ මුල්කාලයේ මෙරට පාසල් අධ්‍යාපනය පවත්වාගෙන ගිය මිෂනාරි සමාගම් –
    ලන්ඩන් මිෂනාරි සමාගම (1805)
    බැප්ටිස්ට් මිෂනාරි සමාගම (1812)
    වෙස්ලියන් මිෂනාරි සමාගම (1814)
    ඇමරිකන් මිෂනාරි සමාගම (1816)
  4. බ්‍රිතාන්‍ය සමයේ, 1869න් පසු යුගයේ මෙරට පැවැති පාසල් වර්ග –
    ඉංග්‍රීසි පාසල් – නාගරික ප්‍රදේශවල පිහිටි, ගාස්තු අයකළ පාසල්
    ගම්බද පාසල් – මුලික අධ්‍යාපනය ලබාදීම අරමුණු කරගත් ගාස්තු අය නොකළ පාසල්
    නේවාසික පාසල් – ආගමික අධ්‍යාපනය ලබාදීම අරමුණ වු පාසල්
  5. 1796 දී බ්‍රිතාන්‍යයන් ලංකාවේ මුහුදුබඩ පළාත්වල පරිපාලනය පවරාගත් අවස්ථාවේ මෙරට ක්‍රියාත්මක වු පාසල් පද්ධති 2 –
    පන්සල් ආශ්‍රිත පාසල් ක්‍රමය (උඩරට ප්‍රදේශවල)
    පැරිස් (මීසම්) පාසල් (පහතරට ලංදේසි ප්‍රදේශවල)
  6. මද්‍රාස නම් මුස්ලිම් පාසල් ඇරඹියේ – බ්‍රිතාන්‍ය පාලන සමයේ
  7. 1841 පිහිටවු මෙරට අධ්‍යාපනයට අදාළ කොමිසම – මධ්‍යම පාඨශාලා කොමිසම
  8. 1867 ර්. මෝර්ගන් කමි‍ටුවේ නිර්දේශ –
    මධ්‍යම පාඨශාලා කොමිසම අහෝසි කර, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු යටතේ ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව පිහි‍ටුවීම.
    මූලික අධ්‍යාපනය ස්වභාෂා මාධ්‍යයෙන් ලබදීම (ද්විතීක අධ්‍යාපනය ඉංග්‍රීසියෙන්)
  9. ප්‍රසිද්ධ ඉගැන්විම් දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධක්ෂවරයා – ජේ.එස්. ලෝරි
  10. ෆෙඩ්‍රික් නොර්ත් සමයේ පැරිස් පාසල්වල ප්‍රධානියා (පාසල් භාර විදුහල්පති) ලෙස පත් කළේ – ජේම්ස් කෝඩිනර්

    (කරුණු උපුටා ගැනීම “ගුරු විභාග සාමාන්‍ය දැනීම 1000” පොත – click here)

1 Comment

Comments are closed.