සතියේ කාලීන තොරතුරු හා සා.දැ. – Weekly Current Affairs and GK

current affairs sri lanka weekly updatesරජයේ තරග විභාග සඳහා ප්‍රයෝජනවත් වන ගෝලිය සහ දේශිය කාලින සිදුවිම් (current affairs), පුවත්, වාර්තා සතිපතා මෙහි පළ කෙරේ.


සතියේ නවතම දෙස් / විදෙස් තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් සතිපතා ඔබේ email ලිපිනයට ලබාගැනිම සඳහා අදම ලියාපදිංචි වන්න. (මෙම තොරතුරු ලියාපදිංචි වන්නන්ට පමණක් ලැබේ.)

Click here to Subscribe


 2017 දෙසැම්බර් 18 – දෙසැම්බර් 24


සිංගප්පුරු අගමැති ලි සින් ලුන් මහතා ලබන මාසයේ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.


එක්සත් ජාතින්ගෙ සංවිධානයේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනිමේ තීරණය ඉවත් කරගන්නා ලෙස වු යෝජනාවට ශ්‍රි ලංකාව ඇතුළු ඡන්ද 128ක් ලැබිණි. ජෙරුසලම අගනුවර ලෙස පිළිගන්නා තත්වය තුළ ඇමෙරිකාව ගෙනෙන කිසිදු සාම ගිවිසුමක් හෝ වැඩපිළිවෙලක් භාර නොගන්නා බව පලස්තින ජනපති මහමුද් අබ්බාස් පවසයි.


Bitcoin යනු 2008 වසරේදි සතොෂි නකමොටෝ විසින් නිර්මාණය කරන ලද cryptocurrency වර්ගයකි. බිට්කොයින් තනි පරිපාලකයකුගේ හෝ මහබැංකුවක පාලනයට නතු නොවේ. Credit card මඟින් bitcoin මිලදිගත හැකි අතර ශ්‍රි ලංකාව එම පහසුකම මෙතෙක් සලසා නැත.


පසුගියදා පන්දු 35කින් ශතකයක් ‍රැස්කළා ඉන්දීය නායක රොහිත් ශර්මා විස්සයි20 සීමිත පන්දුවාර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල වේගවත්ම ශතකය වාර්තාව සම කළේය. මීට පෙර දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් බංගලාදේශයට එරෙහිව පන්දු 35 කදි වේගවත්ම ශතකයේ වාර්තාව පිහි‍ටුවා තිබුණි.


ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්කර ඇත.


ෆෝර්බ්ස් සඟරාවේ 2018 වසරේ ව්‍යාපාර කිරිමට හොඳම රටවල් ලැයිස්තුවේ පළමු තැනට එක්සත් රාජධානිය තේරිපත් වෙයි. දෙවන ස්ථානය චීනය හා තෙවන ස්ථානය ජපානය ලබා සිටී.


සෙබස්තියන් පිනේරා චිලි ජනාධිපතිවරණයෙන් ජය ලබයි.


ජාත්‍යන්තර සංක්‍රමණික දිනය දෙසැම්බර් 18 සැමරිණි. Safe migration  in a world on the move මෙවර තේමාවයි.


ලොව ගෝලිය නව්‍යකරණ දර්ශකයේ (2017) පළමු ස්ථානය ස්විට්සර්ලන්තයට හිමිවෙයි.



2017 නොවැම්බර් 27 – දෙසැම්බර් 03


2017 නොවැම්බර් 20 – නොවැම්බර් 26


2017 නොවැම්බර් 20 ට පෙර කාලය


 

Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close